Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන් 78,000කට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය අත්හැරීමට සිදුවෙයිද? රජයේ අලුත් යෝජනාව ගැන විවාදය
වයස අවුරුදු 65ට වැඩි ඕස්ට්‍රේලියානුවන්ට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය සඳහා ලබාදෙන අමතර රජයේ සහනය ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. එමගින් ඉතිරි වන මුදල්, වැඩිහිටි සත්කාර සේවා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා යොදාගැනීමට රජය අපේක්ෂා කරනවා. කෙසේවෙතත්, මෙම වෙනස හේතුවෙන් රක්ෂණ වියදම් දරාගැනීමට අපහසු වී, 2030 වසර වනවිට වැඩිහිටියන් 78,000කට ආසන්න පිරිසක් තම පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය අත්හැරිය හැකි බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නව ඇස්තමේන්තු පෙන්වා දෙනවා. මෙම යෝජනාව වටා මතුව ඇති විවාදය පිළිබඳවයි අද කාලීන විග්‍රහයෙන් අවධානය යොමු කරන්නේ.
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.