Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

සංක්රමණිකයන්ට සහාය වෙමින් සංස්කෘතික සබඳතා ගොඩනඟන වික්ටෝරියා ප්රාන්තයේ 'Benalla Migrants Association'
වික්ටෝරියා ප්රාන්තයේ බෙනල්ලා නගරයේ ජීවත් වන විවිධ සංස්කෘතික පසුබිම්වලට අයත් ජනතාව එකමුතු කිරීම සහ සංක්රමණිකයන්ට ප්රාදේශීය සමාජය සමඟ සම්බන්ධ වීමට සහාය වීම සඳහා Benalla Migrants Association සංවිධානය කටයුතු කරනවා. පසුගියදා බෙනල්ලා නගරයේ පැවති දීපවාලි උත්සවයත් මෙම සංගමය විසින් සංවිධානය කර තිබුණා. මෙම සංගමයේ කටයුතු මොනවාද? සංක්රමණික ජනතාව වෙනුවෙන් ඔවුන් ලබාදෙන සහාය මොනවාද? මේ පිළිබඳව Benalla Migrants Association සංගමයේ සභාපති සහ බෙනල්ලා නගර සභා මන්ත්රී පුණර්ජි හේවා ගුණරත්න මහතා දැක්වූ අදහස් වලට සවන් දෙන්න.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.