Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

පළමු වරට පැවැත්වෙන ආදි සිසුවියන්ගේ සුහද තරගයක් පිළිබඳ කියන ශිවානි ධීරාජ් සහ නාලිකා පද්මසේන
ශ්‍රී ලංකාවේ යාපනයේ චුණ්ඩික්කුලි බාලිකා පාසලේ නිව් සවුත් වේල්ස් ආදී සිසුවියන්ගේ කණ්ඩායම සුහද දැල්පන්දු තරඟයක් සංවිධානය කර තිබෙනවා. මෙම තරඟයට කොළඹ, මහනුවර, බණ්ඩාරවෙල, මඩකලපුව, යාපනය යනාදී දිස්ත්‍රික්ක රැසක පාසල් නියෝජනය කරමින් ආදී සිසුවියන් සහභාගී වීමට නියමිතයි. ඒ පිළිබඳව SBS සිංහල සේවය සමඟ අදහස් දැක්වීමකට චුණ්ඩික්කුලි බාලිකා පාසල් ආදී සිසු සංසදයේ සභාපතිනි ශිවානි ධීරාජ් සහ Sri Lankan Australian Womens’ Network සභාපතිනි නාලිකා පද්මසේන එක් වුණා. කාන්තාව, සෞඛ්‍යය සහ යහපැවැත්ම, ක්‍රීඩාව, එකමුතුකම සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රජා සහ මිතුරු සංවිධානවල වටිනාකම පිළිබඳ ඔවුන්ගේ අදහස්වලට ඔබත් සවන් දෙන්න…
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.